Thursday, April 11, 2013

සමනල සිහිනය...!

ජීවිතය විඳින්නට තැත් දරද්දීම
දේදුන්නක පැහැය පොවා
මා අතට පත් කල,
අහම්බෙන් මා සොයා පැමිණි
සමනල සිහිනය...

පැහැබර අනාවක උරුමය දකිනු රිසිව
මුදු, රිසි සේ සැරූ
වා පොදක් වන් සැහැල්ලුව
අළුයම ලූ කෙලපිඬක් සේ ඉවතලා
දෝතින් ගත්
සමනල සිහිනය...

මවුන් නෙතු කඳුලින් පිරෙද්දී
සොයුරන් අගය වයද්දී
නුඹ පමණක්ම එරෙහි වෙද්දී
අහිමි වන නිදහස ගැන පහදා දෙත්දී
සුපුරුදු පරිද්දෙන්ම
නුඹ- මා පමණක් පසෙකලා
අන් සැම සතු‍ටු කරනු උදෙසා
මා ‍තෝරාගත්
සමනල සිහිනය...

සිහිනයක් පමණක් නොවී
නුඹ- මා අතරට
දැවැන්ත ප්‍රාකාරයක්ව
පාරාවළල්ලක්ව
මා අසරණ කොට තලා පෙලා
මා සමඟ බැ‍ඳෙන්නට පැමිණි
ක‍ටුක,
සමනල නොවන
සමනල සිහිනය...!

තනුජා මනෝහරී
05/03/2013

No comments:

Post a Comment