Thursday, April 11, 2013

රම්බොඩ ඇල්ල

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ පේරාදෙණියේ සිට නුවර එළිය දක්වා A 5 මාර්ගයේ යන එන අයෙකුට එකවර දැකගත නොහැකි නමුත් එම මාර්ගයේම ඇති මනරම් රම්බොඩ ඇල්ල පිළිබඳ තතු ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි.







ලංකාවේ උසින් 11 වන ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 729 වන ස්ථානය හිමි කරගනී.

මෙම දිය ඇල්ල නැරඹීමට නම් පේරාදෙණියේ සිට පැමිණෙන්නෙකු රම්බොඩ නව උමං මාර්ගය ආරම්භ වන ස්ථානයෙන් පහළට ඇති මාර්ගයේ ගොස් " Ramboda Falls " හෝටලය තුලට පැමිණ රම්බොඩ ඇල්ල ඉතා පහසුවෙන් නැරඹිය හැක.( නමුත් ඒ සඳහා හෝටල් කාර්ය මණ්ඩලයෙන් අවසර ගත යුතු වේ.)

නැතිනම් රම්බොඩ පාලම අසලින් පහලට ඇති අඩිපාර ඔස්සේ පහලට බැසීමෙන්ද රම්බොඩ ඇල්ල නැරඹීමට හැකියාව ඇත.



                 
                              2006 ට පෙර A5 මාර්ගයේ රම්බොඩ පසුකිරීමට තිබූ පැරණි මාවත.



2006 න් පසු A5 මාර්ගයේ  රම්බොඩ පසුකිරීමට ඉදිකළ නව උමං මාර්ගය.



සටහන සහ ඡායාරූප :- සජිත් මදුශාන් අබේගුණවර්ධන

No comments:

Post a Comment