මුවඟ රැඳුනු මන්දස්මිතය
දිනෙන් දින දිනෙන් දින
දියවෙමින්, ක්ෂය වෙමින්
මගෙ මුවෙන් නික්මෙන්නට
දරන තැත
බලනු මැන නුඹ
නෙතු විදා....
සිහිනෙකට ගොඩ වැදී
නුඹ තවරාපු මුදු සුවඳ
පමණමයි සන්තකව
ඇත්තේ....
වත්සුනු රහිත වත මඬලට
කොන්දේසි විරහිතව
නුඹ තිලිණ කල පෙම
දිරි දෙවයි
නිති වැලපෙමින් දැවෙන
මා සිතට
නුඹ අගෙයි
මෙ දියටත් වඩා
මට
මගේ හදවතට
හැමදාම....
තනුජා මනෝහරී
16/11/2010
No comments:
Post a Comment