Thursday, April 11, 2013

කඳුල

කඳුල යනු,
දුකම පමණෙකැයි සිතීමි මම
පෙර දිනෙක...
නමුදු දනිමි අද...
කඳුල යනු දුකම පමණක් නොව
සැබෑ පන්නරය බව,
සිතේ කැටිවුණු අසීමිත සවිය වග...
කඳුළු නොවැ‍ටුණු දෙනෙත්
කඳුළු නොගැලූ සිතක්
ලෝකය හමුවේ ජයගෙන නොමැති බව...


තනුජා මනෝහරී
21/06/2006

No comments:

Post a Comment